සභා ගීතය

album-art
00:00
Sorry, no results.
Please try another keyword

කොමලිය කළු ගං පසින් මත් වී
කුඩා ගඟේ නිම් සිසිල නනා
සරු අස්වැන්නෙන් අටු කොටු පුරවා
ගමට සතුට සුව සෙත සලසා
පෙරටම යන ජයටැඔ සොයලා
බුලත්සිංහල ප්‍රාදේශීය සභා……

ගම නැඟුමෙන් හා මග නැඟුමෙන්
රට පෙරට රැගත් ගමනේ
සැම එක්ව හදමු ගම එක්ව හදමු ගම‍
පැතුම විලස අපගේ
පෙරටම යන ජයටැඹ සොයලා
බුලත්සිංහල ප්‍රාදේශීය සභා……

සැපත සොයන විට උර දෙන්නේ
විපතෙදි නැහැ පසුබට වන්නේ
අදට වැඩිය හෙට සොඳුරු ලොවක් වෙත
සියලු දෙනම එක්කර ගන්නේ
ජයතු ජයතු නිති, ජයතු ජයතු නිති
බුලත්සිංහල ප්‍රාදේශීය සභා……

ගී පද – බුලත්සිංහල සිරි පතිරගේ
තනුව හා සංගීතය – විපුල ආසිරි වැලිකඩ
ගායනය – රවීෂා දෙව්මිණි වැලිකඩ, කුමුදිකා සංජීවනී රත්නායක, ජානක මොරැන්දගේ