තොරතුරු පනත

[ultimate_heading main_heading=”තොරතුරු දැනගැනීම පිළිබඳ අයිතිය”][/ultimate_heading]

වසර 2016 අගෝස්තු මස දී ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කරන ලදී. පුරවැසියන්ට රාජ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීමට අවස්ථාව ලබාදීම හරහා ඔවුන්ව ක්‍රියාකාරී ජන ජීවිතයකට හුරුකිරීමත්, ඒ තුළින් රාජ්‍ය සහ රාජ්‍ය ආයතන එදිනෙදා කටයුතුවලදී වඩාත් විනිවිද භාවයෙන් සහ වගවීමෙන් ක්‍රියා කරන සංස්කෘතියක් නිර්මාණය කිරීමත් පනත හඳුන්වාදීමේ අරමුණු විය. එතුළින් අමාත්‍යංශ, පළාත් සභා, පළාත් පාලන ආයතන මෙන්ම රාජ්‍ය සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන 4500ක සන්තකයේ පවතින, එමෙන්ම එම ආයතන තුළින් පාලනය කෙරෙන තොරතුරු වලට ප්‍රවේශ වීමට අයිතියක් ලබා දෙයි. ඒ අනුව මෙම පනත පෙන්වා දිය හැක්කේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය තුළින් ලබා දී ඇති තොරතුරු වලට ප්‍රවේශ වීමේ මූලික අයිතිවාසිකම ශක්තිමත් කරන්නක් වශයෙනි.

වසර 2017 පෙබරවාරි මස 3 වන දිනදී පාර්ලි‌මේන්තු කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත බලාත්මක කරන ලදී. ඒ අනුව පනත යටතේ තොරතුරු ලබාදීමට වගකීමට යටත් වන සියලූම රාජ්‍ය ආයතන අදාළ දිනය වන විට තොරතුරු දැනගැනීමේ අයදුම්පත් භාරගැනීමට සහ ඊට අදාළව ඉල්ලා සිටින තොරතුරු ලබාදීම ට සූදානමින් පසු විය යුතු විය. පනතේ 41(2) වගන්තිය අනුව අමාත්‍යංශය විසින් පනත බලාත්මක කිරීමට අදාළව නීති රීති දැක්වීම සඳහා තවදුරටත් රෙගුලාසි කිහිපයක් පනවනු ලැබූ අතර එමඟින්:
i. තොරතුරු දැනගැනීමේ අයදුම්පත් සම්බන්ධව කටයුතු කර යුතු ආකාරය,
ii. එවන් අයදුම්පතක් ප්‍රතික්ෂේප කර යුතු ආකාරය, මෙන්ම
iii. ප්‍රගාමී තොරතුරු ලබාදීම පිණිස නිරන්තරයෙන්ම කටයුතු කිරීම යන කරුණු වලට අදාල ක්‍රියාපටිපාටින් දක්වන ලදී.

[ultimate_heading main_heading=”තොරතුරු ලේඛන”][/ultimate_heading][ultimate_spacer height=”10″][ultimate_spacer height=”10″][ultimate_spacer height=”10″]
[ultimate_heading main_heading=”තොරතුරු භාර නිලධාරියා” heading_tag=”h4″ margin_design_tab_text=””][/ultimate_heading][bsf-info-box icon_type=”custom” icon_img=”id^471|url^http://bulathsinghala.ps.gov.lk/web/wp-content/uploads/secretary.jpg|caption^null|alt^null|title^secretary|description^null” img_width=”300″ title=”ලලනි දීපිකා උඩුමුල්ල” pos=”top”]

බුලත්සිංහල ප්‍රාදේශීය සභාව, බුලත්සිංහල
0342283175
bulathsinghalaps@yahoo.com

[/bsf-info-box]
[ultimate_heading main_heading=”තොරතුරු භාර නිලධාරියා” heading_tag=”h4″ margin_design_tab_text=””][/ultimate_heading][bsf-info-box icon_type=”custom” icon_img=”id^472|url^http://bulathsinghala.ps.gov.lk/web/wp-content/uploads/chief-management-assistant.jpg|caption^null|alt^null|title^chief-management-assistant|description^null” img_width=”300″ title=”එරන්ද අජිත් සේනාධීර” pos=”top”]

බුලත්සිංහල ප්‍රාදේශීය සභාව, බුලත්සිංහල
0342283175
bulathsinghalaps@yahoo.com

[/bsf-info-box]
[ultimate_heading main_heading=”තොරතුරු භාර නිලධාරියා” heading_tag=”h4″ margin_design_tab_text=””][/ultimate_heading][bsf-info-box icon_type=”custom” img_width=”300″ title=”ඩබ්.ඒ.ආර්.සඳමාලි” pos=”top”]

බුලත්සිංහල ප්‍රාදේශීය සභාව, බුලත්සිංහල
0342283175
bulathsinghalaps@yahoo.com

[/bsf-info-box]