ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
ගොඩනැගිලි ඉල්ලුම්පත්‍රයක් අනුමත කිරීමේ ක්‍රියා පටිපාටිය
කාර්යය | වගකීම | කාලය | |
---|---|---|---|
1 | ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳ ආදායම් පරීක්ෂන වෙත යොමුකර ක්ෂේත්‍ර පරීක්ෂණයකින් සනාථ කර ගැනීම | ආදායම් පරීක්ෂන | දින 01 |
2 | අදාල ගොඩනැගිල්ල වරිපනම් සීමාව තුළ පිහිටා තිබේ නම් හිඟ වරිපනම් ඇත්නම් අයකර ගැනීම | විෂය කළමනාකරණ සහකාර | |
3 | තාක්ෂණ නිලධාරීගේ වාර්තාව ලබා ගැනීම | තාක්ෂණ නිලධාරී | දින 02 |
4 | සැලසුම් නිලධාරීගේ වාර්තාව ලබා ගැනීම | සැලසුම් නිලධාරී | දින 01 |
5 | අයඳුම්පතේ සියලු අවශ්‍යතාවයන් සපුරා ඇත්නම් හා අදාල නිලධාරීන්ගේ නිර්දේශ ලබා ඇත්නම් අයඳුම්පත්‍රය සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීම | විෂය කළමනාකරණ සහකාර | දින 03 |
6 | සැලසුම් කමිටුව මඟින් අනුමත කළ පසු ඒ බව අදාල පුද්ගලයාට දැනුම් දීම | විෂය කළමනාකරණ සහකාර | සති 01 |
පොදු කොන්දේසි
- ගොඩනැගිලි සැලැස්ම වර්ග අඩි 3000 ට වැඩි නම් වරලත් ඉංජිනේරුවරයෙකු හෝ වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු අත්සන් කල යුතුය.
- ගෘහස්ථ වාණිජ අනුව පෙරසැරි ගාස්තු ගෙවිය යුතුය. අදාල ගාස්තු ගෙවීමෙන් පසු ලදුපතක් නිකුත් කර අයඳුම්පත ගේඛනගත කෙරේ.
- අදාල ගාස්තු ගෙවීමෙන් පසු ලදුපතක් නිකුත් කර අයඳුම්පත ලේඛන ගත කෙරේ.
- ප්‍රාදේශීය සභාව මඟින් පනවා ඇති ගොඩනැගිලි සීමාවන් තුළ කිසිදු ඉදිකිරීමක් නොකළ යුතුය.